Home » මියගිය සෙහන්සාට පින් පැමිණවීමෙන් පසු වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලය යළි ආරම්භ වේ

මියගිය සෙහන්සාට පින් පැමිණවීමෙන් පසු වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලය යළි ආරම්භ වේ

by mahesh
November 29, 2023 1:00 am 0 comment

මුල්ලේරියාව - සිරිසේන ගමගේ

බැම්මක් කඩා වැටීමෙන් සිසුවියක මියයාමේ සිද්ධියෙන් පසු වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පෙරේදා (27) දිනයේ සිට නැවත ආරම්භ කරනු ලැබීය.

ආදි ශිෂ්‍යයන් මවුපියන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විදුහල්පති සුසන්ත කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මේ බව ප්‍රකාශ විය.

එහිදි විදුහල්පතිවරයා ඇතුළු ගුරුමණ්ඩලය විසින් මියගිය සෙහන්සා නෙත්සරණි සිසුවිය වෙනුවෙන් පින පැමිණවීමක් සිදු කරනු ලැබීය.

මේ වන විටත් වහලය අබලන්ව පවතින විදුහලේ ඇති ගොඩනැඟිල්ලක් ඉතා ඉක්මනින් අලුත්වැඩියා කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පන්ති කාමර තුළ සුරක්ෂිතව සිදු කරගෙන යාමට පියවර ගෙන ඇති බවද විදුහල්පතිවරයා පවසා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT