Home » 2024 වසරේ තියන ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ

2024 වසරේ තියන ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ

by chanaka
November 29, 2023 10:11 pm 0 comment

2024 වසර සදහා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ තරග කාලසටහන අද (29) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය.

ඒ අනුව ලබන වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් මෙරට දී ක්‍රීඩා කිරීමට නියමිතය.

අනතුරුව ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීම සදහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සියලු තරග රටාවලින් යුත් තරගාවලි ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ සංචාරයක නිරත වීමට නියමිතව ද නියමිතව ඇත්තේ පෙබරවාරි සහ මාර්තු මාසවල දීයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT