Sunday, May 11, 2025
Home » කෝටි 147ක් යොදවා අම්බුළුවාවට කේබල් කාර්

කෝටි 147ක් යොදවා අම්බුළුවාවට කේබල් කාර්

by gayan
November 30, 2023 1:00 am 0 comment

මෙරට සංචාරක ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් රුපියල් කෝටි 147ක (අමෙරිකානු ඩොලර් මිලියන 4.5) මුදලක් ආයෝජනය කොට ගම්පොළ, අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මධ්‍යම කඳුකරයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු ආගමික අභයභූමිය සහ ජෛව විවිධත්ව කලාපය වන අම්බුළුවාවේදී ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත.

මේ සඳහා ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ගිවිසුමක් අත්සන් කර ඇති අතර මෙම ගිවිසුම අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් සිදුවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් කෝපරේෂන්හි තාක්ෂණික සහ නිෂ්පාදන විශේෂඥතාව උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් රථය ඉදි කරන බව ද ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT