Tuesday, May 13, 2025
Home » උ/පෙළ උත්තර පත්‍ර පරීක්ෂක අයදුම් ඔන්ලයින් හරහා

උ/පෙළ උත්තර පත්‍ර පරීක්ෂක අයදුම් ඔන්ලයින් හරහා

ශිෂ්‍යත්ව අභියාචනා කැඳවීම දෙසැ.4 දක්වා

by gayan
November 30, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර ඇගැයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

පෙරේදා (28) සිට මෙම අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරිණ. https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන්ට අයදුම් කළ හැකිය. උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනිදා පැවැත්වේ.

මේ අතර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අභියාචනා කැඳවීම දෙසැම්බර් 04 වැනිදා දක්වා සිදු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මෙම අභියාචනා කැඳවීම පසුගියදා (27) ආරම්භ කෙරිණි.

මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිතා කර http://onlineexams.gov.lk/eic දරන වෙබ් අඩවියේ SCHOOL LOGIN වෙත පිවිස අභියාචනා ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT