451
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි පැවැත්වෙන ” දේශගුණික විපර්යාස සමුළුවට ” සහභාගී වීම සඳහා අද (30 ) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
මෙම සමුළුව අද (30) දින සිට 12/12 දක්වා ඩුබායි හි දී පැවැත්වීමට නියමිත අතර , ඒ සදහා සහභාගී වීමට ජනාධිපතිතුමා සමග මැති ඇමතිවරුන් කීප දෙනෙකු සහ ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ පිරිසක් ද දූත පිරිස ලෙස පිටත්ව ගොස් තිබේ .
මෙම පිරිස අද දින උදෑසන 11.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ .