ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් කියන සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (30)කැඳවා තිබුණි.
පැය තුනකට අධික කාලයක් ප්‍රකාශය ලබාදිමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
එම අවස්ථාවේ වෙනත් පැමිණිල්ලක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු චන්ද්‍රගුප්ත මහතාට විරෝධය පළ කළේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කිහිපදෙනකුම රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, තවත් නිලධාරීන් නව දෙනෙකුට මේ වනවිට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.