Home » ලොව දුකෙන්ම සිටි අලියා මරුට – සිරුර සංරක්ෂණයට පියවර

ලොව දුකෙන්ම සිටි අලියා මරුට – සිරුර සංරක්ෂණයට පියවර

by chanaka
November 30, 2023 3:05 pm 0 comment

ශ්‍රී ලංකාවෙන් පිලිපීනය වෙත පරිත්‍යාග කරනු ලැබූ මාලි (Mali) නම් අලියා මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නොවැම්බර් 28 වැනිදා මාලි මියයන විට 49 හැවිරිදි වියේ පසුවු බවයි.

මාලි යනු මැනිලා සත්වෝද්‍යානයේ ජීවත් වූ බොහෝ නරඹන්නන්ගේ ආකර්ෂණීයත්වයක් ලැබූ, ශ්‍රී ලංකාව විසින් පිලිපීන ජනාධිපති ආර්යාව වන ඉමෙල්ඩා මාකෝස් වෙත තෑග්ගක් ලෙස දුන් සත්වයෙකි. ඒ අනුව මාස 11ක් පමණ වනවිට වර්ෂ 1981දී ශ්‍රී ලංකාව පිලිපීනය වෙත මාලි පරිත්‍යාග කර තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ නොවැම්බර් 28 වැනිදා පස්වරුවේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් මාලි මියගොස් ඇතැයි පශුවෛද්‍යවරු තහවුරු කර ඇති බවයි.

ජීවිත කාලය පුරාවටම තනියම ජීවත් වීම හේතුවෙන් මාලි දුක්බරම අලියා ලෙස නම් කර තිබේ.

මෙම අලියා දශක හතරක් පුරා මැනිලා සත්වෝද්‍යානයේ ජීවත් වු අතර අලියාගේ හුදකලා ඉරණම සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන්ගේ ද කනස්සල්ලට හේතු වූ කරුණකි.

මැනිලා සත්වෝද්‍යානයේ සිටි එකම අලියා වන මාලිගේ සිරුර සංරක්ෂණය කිරීමට මැනිලා නගර රජය අපේක්ෂා කරන බව ද සදහන් වේ.

මැනිලා නගරාධිපති හනී ලැකුනා මාලි සඳහා ටැක්සිඩර්මි යෝජනා කළේ සත්වයාගේ සංරක්‍ෂණය කළ සිරුර කෞතුකාගාරයක ප්‍රදර්ශනය කළ හැකි බවයි.

මූලාශ්‍රය: Straits Times

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT