Home » පියැසි මත සූර්ය පැනල ඔස්සේ ජාතික පද්ධතියට විදුලි ඒකක මිලියන 483ක්

පියැසි මත සූර්ය පැනල ඔස්සේ ජාතික පද්ධතියට විදුලි ඒකක මිලියන 483ක්

by chanaka
November 30, 2023 5:08 pm 0 comment

ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter 3) විදුලි ඒකක මිලියන 483 ක් (483 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව, රට පුරා විසිරී සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික භවතුන් විසින් මෙම සුවිශේෂී ජාතික කාර්ය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දී ඇත. මෙහිදී සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැර ව නවතාක්ෂණික අත්දැකීමක් ලබාගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයින් යොමුවී තිබීම අගය කල යුතුය. (change from Consumer to Pro-sumer / පරිභෝජනයෙන් විදුලි ජනනයට යොමුවීම).

පාරිභෝගික භවතුන් ලංවිම සමග එක්ව සිදුකරන මෙම පරිසරහිතකාමී ව්‍යාපෘති මගින් රටේ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT