Home » උද්ධමනය නොවැම්බරයේ ඉහළට

උද්ධමනය නොවැම්බරයේ ඉහළට

by chanaka
November 30, 2023 5:24 pm 0 comment

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද(30) නිවේදනය කර සිටියේ, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ 1.5% සිට 2023 නොවැම්බර් මාසයේදී 3.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 ඔක්තොබර් මාසයේ පැවති -5.2% සිට 2023 නොවැම්බර් මාසයේ දී -3.6%ක් දක්වා ඉහළ ගොස් ඇත.

2023 ඔක්තෝබර් මාසයේ දී 4.9% ක් ලෙසින් වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී 6.8% ක් දක්වා වැඩිවී තිබූ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT