Home » නව කැලණි පාලම තාවකාලිකව වැසේ

නව කැලණි පාලම තාවකාලිකව වැසේ

by chanaka
November 30, 2023 5:37 pm 0 comment

නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

නව කැලණි පාලම ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් මේවන විට අවසන්ව ඇති බැවින් කොන්ත්‍රාත් සමාගම නිදහස් කිරීම සදහා එහි සියලු වගකීම් නැවත සමාලෝචනය කිරීමේ අදියරට පැමිණ තිබේ. ඒ අනුව කොන්ත්‍රාත්තුව ප්‍රකාරව එහි කාර්යයන් කිහිපයක් එම සමාගම ලවා නැවත සකස්කර ගැනීමේ ඉඩකඩ පවතී.

මේවන විටත් කිසිදු අවදානමකින් තොරව ඉදිරියටත් මෙම ඉදිකිරීම් භාවිතා කළ හැකි වුවත් කොන්ත්‍රාත්තුවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නවීකරණ කටයුතු සිදු කරනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව, දෙසැම්බර් මස 01 වනදා සිට 04 වනදා දක්වා, දෙසැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වා, දෙසැම්බර් 15 වනදා සිට 18 වනදා දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT