Home » UCMAS ජාත්‍යන්තර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් දරුවන් 62ක් මැලේසියාවට

UCMAS ජාත්‍යන්තර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් දරුවන් 62ක් මැලේසියාවට

by gayan
November 30, 2023 1:00 am 0 comment

දෙසැම්බර් මස 03 වැනිදා මැලේසියාවේ ක්වාලම්පූර් නුවර අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන UCMAS ජාත්‍යන්තර ඇබකස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දරුවන් 62ක් සහභාගිවීමට නියමිතය. ඇබකසය මුල් කර ගත් ලොව දැවැන්තම මනෝමය ගණිත තරගාවලිය වන්නේද මෙයයි. මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 80කට වැඩි ප්‍රමාණයක දරුවන් දහස් ගණනක් සහභාගිවන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙතරම් විශාල දරුවන් ප්‍රමාණයක් මෙම තරගාවලිය සඳහා සහභාගි වන්නේද ප්‍රථම වතාවටය. එය රටක් හැටියට ශ්‍රී ලංකාව ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් හා කීර්තියකි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ UCMAS ශ්‍රී ලංකාහි සභාපති සහ ප්‍රධාන විධායක විජේ ශිවශංකර් මහතා සඳහන් කළේ නව කළමනාකාරිත්වය සහ නව දැක්මක් යටතේ UCMAS ශ්‍රී ලංකා දැන් විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබෙනවා. දරුවන්ට හොඳම අධ්‍යාපනයක් ලබා දී ඔවුන් හෙට ලොව ජයගන්නා අති දක්ෂයින් බවට පත්කිරිම අපගේ අරමුණයි. අපගේ ශාඛා දිවයින පුරා විහිදී පවතිනවා. ඒවායේ දරුවන් දහස් ගණනක් අධ්‍යාපනය ලබනවා. පසුගිය අගෝස්තු මස UCMAS ශ්‍රී ලංකා ජාතික තරගාවලිය දරුවන් 2000 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹදී අති දැවැන්ත ලෙස පවත්වන්නට අපට හැකිවුණා. රටපුරා පිහිටා ඇති UCMAS ශාඛාවල අධ්‍යාපනය ලබන අති දක්ෂ දරුවන් 62ක් ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගි වෙනවා. එය අපේ රටට විශාල ආඩම්බරයක්. අපේ රටේ දරුවන් ඉතාම දක්ෂයි. මේ තරගාවලියේදීත් අපේ දරුවෝ විශාල ලෙස දස්කම් දක්වාවි යැයි අපි විශ්වාස කරනවා. ඉදිරියේදීත් අපේ රටේ දරුවන් ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ගෙනයාමට අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

ඇබකසය මුල්කරගත් මනෝමය ගණිත කුසලතා සංවර්ධන වැඩසටහනක් වන UCMAS වයස අවුරුදු 04ත් 13ත් අතර දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය විශාල ලෙස වැඩිකර ඒකාග්‍රතාව, නිරීක්ෂණය, මතකය, පරිකල්පනය, නිර්මාණශීලිත්වය, විනිශ්චය, විශ්ලේෂණය, තර්කනය, ආත්ම විශ්වාසය යන කරුණු 09 දරුවන්ට ඇතිකර ගණිතය මෙන්ම සියලු විෂයන්හි දක්ෂයෙකු බවට දරුවා පත්කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT