Home » විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමයි

විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමයි

by gayan
November 30, 2023 1:00 am 0 comment

විදේශගත ශ්‍රමිකයින්ට අඩු පොලී නිවාස ණය ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමට භාණ්ඩාගාරයට හා බැංකුවලට තවමත් හැකි වී නෑ. අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

විදේශගත ශ්‍රමිකයන්ගේ දූ දරුවන්හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනේ දී ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අම්මා හෝ තාත්තා විදේශගත වුණ නිසා ඒ උණුසුම නොලබන, අම්මාට තාත්තාට රට ඉඳලා රැකියාව කරන එකේ දුක නැති කරමින් දක්ෂයින් විදිහට ඉදිරියට ඇවිත් පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස්පෙළ සමත් වෙලා ඒ මවුපියන්ට ගෞරවයක් එකතු කරපු පිරිසක් තමයි මේ ඉන්නේ. ළමුන්ට අම්මා තාත්තා දෙන්නාම අවශ්‍යයි. ඒත් ඔබට ඒ අවස්ථාව ලැබිලා නැහැ. ඔබේ ආර්ථීකය, ඔබට පහසුකම් දෙන්න ඔවුන් තම ජීවිතය කැප කළා. මවුපියන්ට තමන්ගේ දරුවන්ගෙන් වෙන් වෙලා කටයුතු කරන එක ඉතාම අපහසු දෙයක්. ඒ නිසාමයි අපි ගුවන්තොටුපොළේදී කඳුළු සලනවා දකින්නේ.

ඒ නිසාමයි ඔබේ මවුපියන් කරන දේට ගරුත්වය දක්වන්නත් ඔබව ශක්තිමත් කරන්නත් මේ දේවල් කරන්නේ. විදේශගත ශ්‍රමිකයින් අපිට ඉතාම වැදගත්. රටක් විදිහට විදේශගත ශ්‍රමිකයන්ගේ වටිනාකම වැඩියෙන්ම දැනුණේ මේ අවස්ථාවේදීයි.

විදේශසේවා නියුක්ති කාර්යාංශය මේච්චර කාලයක් විදේශගත ශ්‍රමිකයින්ට වටිනාකමක් දුන්නා. ඒත් රටේ බොහෝ අයට විදේශගත ශ්‍රමිකයන්ගේ වටිනාකම තේරුණේ නැහැ. ඒ වටිනාකමට ප්‍රතිඋපකාර කරන්න විවිධ යෝජනා ක්‍රියාත්මක කරන්න යද්දී අපිට සහයෝගය වෙනුවට ලැබුණේ බාධා කිරීම් විතරමයි. ඒත් මේ අවුරුදු එකහමාර ඇතුළත ඔබේ අම්මලා තාත්තලා පෙන්නුවා ඔවුන් තමයි මේ රට මේ වෙලාවේ ගොඩ නඟපු විරුවන් කියන කාරණය.

ඒ වගේම විදේශගත ශ්‍රමිකයින් එව්ව සල්ලි ගාණට ඔවුන් ගුවන්තොටුපොළෙන් එනකොට ඔවුන්ට වැඩි තීරුබදු සහනයක් ලබා දෙන්නටත් අපි කටයුතු කළා.

ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවත් විදේශගත ශ්‍රමිකයින්ව ශක්තිමත් කරන්න උපරිමයෙන් කැපවී කටයුතු කරනවා.

සමහරුන්ට මේ ඩොලර් එවීම ගැනවත් මේ කිසිම දෙයක් ගැන ගාණක් නෑ. මොකද ඒ අයට දෙපාර්තමේන්තුවෙන් වැටුප ලැබෙනවා. ඒ වගේම ඒ අයගේ වාහනය තියෙනවා. ඒ නිසා ජනතාව කොච්චර දුක් වින්දත් මේ අයට ගාණක් නැහැ යනුවෙන් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියෙන් යාවත්කාලීන කිරීම ද සිදු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT