සියලුම පහසුකම් සහිතව නවීනතම තාක්ෂණය ඇතුළත් කර ගනිමින් නිමවා ඇති මෙම කාර්යාලය ඔස්සේ කඩවත නගරයේ සහ ඒ ආශ්‍රිත නගරවල වෙසෙන ජනතාවට අතිවිශිෂ්ට රක්ෂණ අත්දැකීම් අත්විඳීමේ අවස්ථාව උදා කර දී ඇත. ඉඩ පහසුකම්වලින් අනූන මෙම
කාර්යාල සේවා පරිසරය ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් නව්‍යකරණය සහ පාරිභෝගික සේවාවන්හී විශිෂ්ටත්වය වෙනුවෙන් දක්වන නොමඳ කැපවීම තවදුරටත් පිළිබිඹු වේ. මෙම කාර්යාලය ඔස්සේ එක් එක් සේවාලාභියාට සරිලන පරිදි ඔහුට හෝ ඇයටම නිර්මාණය කර දෙනු ලබන රක්ෂණ විසඳුම් සමඟින් ගනුදෙනුකරුවන්ට වඩාත් කැපවීමෙන් යුතුව සුවිශේෂී පාරිභෝගික සේවාවක් මෙන්ම අද්විතීය අත්දැකීම් ලබා දීමට අපේක්ෂා කරයි.
කඩවත නගරයේ, නුවර පාර, මහර, අංක 179/1D දරන ස්ථානයේ පිහිටා ඇති අලංකාර සේවා පරිසරයක් සහිත මෙම නවතම AIA සංවර්ධන කාර්යාලයේ සේවයේ නියුතු දැනුමෙන් පුහුණුවෙන් සහ කුසලතාවයෙන් පිරි වෘත්තිකයින් කණ්ඩායම, ජීවිත රක්ෂණ, සෞඛ්‍ය රක්ෂණ, විශ්‍රාම සැලසුම් සහ ආයෝජන විසඳුම් යන පුළුල් පරාසයක් සහිත පිරිනැමීම් සමඟින් කඩවත පාරිභෝගික ජනතාව වෙත මහත් කැපවීමෙන් සිය සේවාවන් ලබා දෙමින් ඔවුන්ගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කරලීමට සහාය වනු ඇත.