මෙරට නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටි, බුටීක් හෝටල් සුඛෝපභෝගීත්වයේ සංකේතයක් බඳු Sun Siyam Pasikudah, තරු පහ ශ්‍රේණියේ හෝටලයක් ලෙස නැවත ආරම්භ කිරීමේ සාඩම්බර අවස්ථාව සමරමින් Virticle by Jetwing හිදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වුණි. Sun Siyam Resorts සමූහයට අයත් මෙම හෝටලය වෙනුවෙන් ප්‍රකට සංචාරක නියෝජිතයින්, මාධ්‍ය
මෙන්ම හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා, වෙනත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. එහිදී Sun Siyam Pasikudah හෝටලය මඟින් පිරිනමන සුවිශේෂී අත්දැකීම් සහ අවසානයේ රටට ඉන් ලැබෙන දායකත්වය පිළිබඳව ද මෙම උත්සවයේදී ප්‍රදර්ශනය කෙරුණි.
Sun Siyam Resorts සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීපක් බුනෙඩි මහතා පිළිගැනීමේ කතාව කළ අතර, ඉන් අනතුරුව හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆාරි සහ විකුණුම් හා අලෙවි කළමනාකරු දුලංක ද මෙල් යන මහත්වරු ද සභාව ඇමතූහ.

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් උත්සව සභාව අමතමින්.
වඩාත් කතාබහට ලක්වූ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්වෙමින් පවතින මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ එම ගමනට ශක්තියක් වීමට තමන් සතු හැකියාව පෙන්වීමට ද Sun Siyam Resorts මෙය කදිම අවස්ථාවකි. Sun Aqua Pasikudah නමින් 2014 වර්ෂයේදී ආරම්භ වුණු හෝටලය, 2020 වසරේදී Sun Siyam Resorts හෝටල් ජාලයට එක්වෙමින් Sun Siyam Pasikudah ලෙස නව සන්නාමයක් ලෙස එළිදැක්විණි.
අපට අවශ්‍ය වූයේ, සරලත්වය සහ සුඛෝපභෝගීත්වය මුසුවුණු තරු පහ ශ්‍රේණියේ අභ්‍යන්තර අලංකරණයක් හෝටලයට ලබාදීමටයි. සුන්දර පාසිකුඩා වෙරළ තීරයේ සුවිශේෂී, විචිත්‍රවත් සහ සුඛෝපභෝගීත්වයෙන් යුත් අභ්‍යන්තර අලංකරණය සහිත හෝටලයක් නිමවීම අපේ අරමුණ වුණා යනුවෙන් හෝටල් නවීකරණ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් හෝටලය නවීකරණ ක්‍රියාවලියට විශාල දායකත්වයක් දැක්වූ Studio Sixty7 හි නිර්මාතෘ සහ නිර්මාණ අධ්‍යක්ෂ දෙපළවන ලී මැක්නිකොල් සහ ජෝස් රිවෙරෝ පැවසූහ.