Tuesday, May 13, 2025
Home » සටන් විරාමය දීර්ඝ කිරීමට කටාර් රාජ්‍යයේදී සාකච්ඡා

සටන් විරාමය දීර්ඝ කිරීමට කටාර් රාජ්‍යයේදී සාකච්ඡා

by gayan
November 30, 2023 1:00 am 0 comment

ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පසුගියදා ආරම්භ වූ දින හතරක තාවකාලික සටන් විරාමය තවත් දින දෙකකට දීර්ඝ කිරීමෙන් පසු නව සටන් විරාමයක් සඳහා දෙපාර්ශ්වය එකඟ කර ගැනීමට ඊයේ කටාර් රාජ්‍යයේ දී සාකච්ඡාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දින 6ක් දක්වා දීර්ඝ කළ ඊශ්‍රායල – හමාස් සටන් විරාමයේ අවසන් දිනය වූ ඊයේ නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන්ගේ නම් ලැයිස්තුව හමාස් සංවිධානය වෙතින් වේලාසනින්ම ඊශ්‍රායලයට ලැබී ඇතැයි ද වාර්තා වේ.

සටන් විරාමයේ පස්වැනි දිනය වූ පෙරේදා ප්‍රාණ ඇපකරුවන් 12 දෙනකු නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගෙන තිබූ අතර, ඊශ්‍රායලය විසින් නිදහස් කරනු ලැබූ පලස්තීන සිරකරුවන්ගේ සංඛ්‍යාව 30ක් බව වාර්තා වේ. හමාස් සංවිධානය පෙරේදා නිදහස් කළ පුද්ගලයන් අතර තායිලන්ත ජාතිකයන් දෙදෙනකු ද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

දෙපාර්ශ්වය අතර සටන් විරාම කාලසීමාව තුළ මේ දක්වා ගත වූ දින 5 ඇතුළත ප්‍රාණ ඇපකරුවන් 81 දෙනකු නිදහස් කර ඇතැයි ද, ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 180 දෙනකු නිදහස් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT