බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ හිටපු බිරිය වන අභාවප්‍රාප්ත ඩයනා කුමරියට අයත් රෝස පැහැති බ්ලවුසයක් සහ සැඳෑ කාලයේදී අඳිනු ලැබූ ගවොමක් වෙන්දේසිගත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා ඔන්ලයින් ක්‍රමවේදයට අනුව අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර බෙවර්ලි හිල්ස්හි දී එම ආයිත්තම් වෙන්දේසි කිරීමට නියමිත බව වාර්තා වේ. අමෙරිකානු ඩොලර් අසූදහසේ සිට ලක්ෂය දක්වා වටිනාකමින් යුතු එම ආයිත්තම් ඩොලර් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා මිලකට අලෙවි වනු ඇතැයි මේ වන විට අනාවැකි පළ වී තිබේ. වෙන්දේසියට තැබීමට සූදානම් කර ඇති ඇගේ රෝස පැහැති බ්ලවුසය 1981 වසරේ චාල්ස් සමඟ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේදී නිල ඡායාරූපයට පෙනී සිටීමට ඇය විසින් අඳිනු ලැබූ බවත් වාර්තා වේ.
342
කලින් පුවත
මෝටර් රථයක හැපුණ කාන්තාවක් එතැනමයි
මීලඟ පුවත