යුක්රේනයේ ඔත්තු සේවා ප්‍රධානි ලුතිනන් ජෙනරාල් කිරිලෝ බුඩනොව්ගේ බිරිය වන මරියානාට වස පෙවීමේ සිදු වීමක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියානු හමුදාවට එරෙහිව ප්‍රහාර සැලසුම් කිරිමේදී වැඩි දායකත්වයක් සැපයූ බව කියන මරියානා එරට හමුදා රෝහලක මනෝවෛද්‍යවරියක ලෙස සේවය කරන අතර, ඇය ඝාතනය කිරීමට රුසියානු හමුදා අවස්ථා 10කදී පමණ උත්සාහ දරා ඇතැයි ද එරට හමුදා බුද්ධි අංශ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ඇයට වස පෙවීමේ සිදුවීම පිටුපස රුසියානු හමුදාව සිටින්නේ දැයි මෙතෙක් තහවුරු වී නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ වන විට ඇය රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා බව ද වාර්තා වේ. යුක්රේන ඔත්තු සේවයේ තවත් නිලධාරීන් කිහිපදෙනකු ද වස ශරීරගත වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කර තිබේ.
209