නොබෙල් සාම ත්‍යාගලාභී සහ රාජ්‍ය තාන්ත්‍රික බලවතකුවන අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වී තිබේ.
1923 ජර්මනියේ දී උපත ලද ඔහු මිය යන විට 100 හැවිරිදි වියේ පසු විය.
අමෙරිකානු ජනාධිපතිවරුන් වන රිචඩ් නික්සන් සහ ජෙරල්ඩ් ෆෝඩ් පාලන සමයේදී හෙන්රි කිසිංජර් ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ ජාතික ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස සේවයේ නිරතව තිබේ.
සිය සේවා දිවිය තුළ අමෙරිකානු විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිවල මතභේදාත්මක භූමිකාවක් ඉටුකරනු ලැබු අයෙකු ලෙස ද ඔහු සැලකේ.
කිසිංජර් සිය ශත සංවත්සරය පසු කරමින් ධවල මන්දිරයේ රැස්වීම්වලට සහභාගි වෙමින්, නායකත්ව ශෛලීන් පිළිබඳ පොතක් ප්‍රකාශයට පත් කරමින්, උතුරු කොරියාවෙන් එල්ල වූ න්‍යෂ්ටික තර්ජනය පිළිබඳව සෙනෙට් කමිටුවක් ඉදිරියේ සාක්ෂි දෙමින් ක්‍රියාශීලීව සිටියේය. 2023 ජූලි මාසයේදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට බීජිං වෙත හදිසි සංචාරයක ද නිරත විය.