ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ ඇති වාහනවලට ඉන්ධන ලබා ගැනීම සඳහා භාවිත කරන ඉන්ධන ඇණවුම් ලේඛන පොත අස්ථානගතව ඇති බැවින් එය සොයා ග්රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කළේය.
මෙම ඉන්ධන ඇණවුම් පොත අවසානයට භාවිත කර ඇත්තේ පසුගිය 15 වැනිදා බවත් පොත අස්ථානගතව ඇත්තේ එදා සිට බවට සැක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම පොතෙන් ඉන්ධන ගැනීම ආරම්භ කර ඇත්තේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදාය. එම පොතේ ඇති පිටු අංක 51401 සිට 516411 දක්වා පිටුවල ඇති පෝරම මඟින් ඉන්ධන ලබාගෙන ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.
මෙම පොතේ 516412 සිට 516425 දක්වා පෝරම 14ක් තිබී ඇත්තේ භාවිතයට නොගෙනය. එම පෝරම මඟින් ඉන්ධන ගැනීමට හැකියාවක් ඇති බැවින් මේ සම්බන්ධයෙන් ඉන්ධනහල් දැනුම්වත් කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.