මහවැලි ජලාශ රක්ෂිතයට අයත් නාරම්පනාව කොටගඟ රක්ෂිතයේ කුඹුක් ගසක් කැපීමට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදුන් හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයා තෙල්දෙණිය පොලිසිය මඟින් පොලිස් ඇප මත මුදාහරිනු ලැබීය.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ද සමඟ ග්‍රාම නිලධාරිවරයකු බව කියන පුද්ගලයකු ද ගම්වාසීන් පොලිසියට අල්ලා දී ඇති නමුත් ඔහුට එරෙහිව පොලිසිය කිසිදු නීතිමය පියවරක් ගෙන නැත.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ව්‍යාපාරිකයකු වන අතර ඔවුන් සමඟ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගත් පිරිසක් ද වාහනයකින් පැමිණ සිටි බව ප්‍රදේශවාසීහු පැවසූහ.
කුඹුක් ගස කපන බවට ලද තොරතුරු මත ගම්වාසීන් එම ස්ථානයට ළඟාවෙද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගත් පිරිස වාහනයේ නැඟී පලාගොස් ඇත.
විදුලි කියතක් භාවිත කරමින් අදාළ පුද්ගලයන් කුඹුක් ගසේ අත්තක් කපා තිබූ බවත් එම භාණ්ඩ ද සමඟ සැකකරුවන් පොලිසියට භාරදුන් බවත් ගම්වැසියෝ පැවසූහ.
රුක්කලා කෞතුකාගාරයක් ඉදි කිරීම සඳහා වගකිවයුතු අංශවල අවසරයක් ද ලබාගෙන කුඹුක් ගස කැපීමට පැමිණි බව අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා තිබුණත් එවැනි අවසරයක් ලබාගෙන නොතිබූ බව පොලිසිය පැවසීය.
ග්‍රාම නිලධාරිවරයා මෙම සිද්ධියට සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්කි නැති බව තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.ඩී. පලිහවඩන මහතා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අසේල කුරුළුවංශ