Home » කොල්ලුපිටියේ හොර ඒජන්සියක් වටලයි

කොල්ලුපිටියේ හොර ඒජන්සියක් වටලයි

by chanaka
November 30, 2023 12:00 pm 0 comment

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (29) වැටලීම් කර තිබේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ Zaahi International (Pvt) Ltd නමින් ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකරන බවට කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් ඊයේ අදාල ස්ථානය වැටලීම් කර තිබේ. එහිදී අදාළ නිතිවිරෝධී ආයතනය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 11ක්, වෛද්‍ය වාර්තා, විදේශ රැකියා අයදුම්පත්‍ර, බැංකු රිසිට්පත් ඇතුළු ලේඛන රැසක් ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT