ලංකා ගමනාගමන මණ්ඩලයේ සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකායේ බස්නාහිර පළාතේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදු කෙරෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ පුරප්පාඩු වෙනුවෙන් බඳවා ගත් නවක රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පත්වීම් ලිපි ප්‍රදානය පැවැතිවිණි. ඇමැතිවරයා එහිදී මෙසේද පැවසීය.
Òලෝකයේ බොහෝ රටවල අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් මුදල් ගෙවා ලබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ නොමිලේ සෞඛ්‍ය පහසුකම් අධ්‍යාපනය ආදී සේවා ලබාදීම සඳහා බදු ගෙවන ජනතාවගේ මුදලින් විශාල ප්‍රමාණයක් කැප කරනවා. තවත් වසර තුනක් දක්වා රජය කිසිදු ආයතනයක් සඳහා බඳවා ගැනීම් සිදු කරන්නේ නැහැ. රජයේ ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමෙන් හා සමෘද්ධි ඇතුළු සහනාධාර ගෙවීමෙන් අනතුරුව බදු ආදායම අවසන්. කවුරුන් විසින් රජය මෙහෙයවුවත් බදු මුදලින් කළ හැක්කේ මේ කාර්යයන් දෙක පමණයි. ගෙවිය යුතු ණය සඳහා පොලී ගෙවා තිබෙන්නේ නැවත ණය මුදල් ගැනීමෙන්. මාර්ග ආදී අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා ඇතුළු ප්‍රාග්ධන වියදම් දරා තිබෙන්නේ ණය ගැනීමෙන්. නිදහසින් පසු සෑම රජයක් විසින්ම දේශීය හා විදේශීය වශයෙන් මෙලෙස ණය ලබාගෙන තිබෙනවා.

නවක සේවකයන්ට පත්වීම් ප්‍රදානය කළ උත්වසයේදී ඇමැතිවරයා සභාව ඇමතූ අයුරු
දේශපාලන වශයෙන් අන්ත නොදියුණු මතයක් තරුණයන් හා ශිෂ්‍යයන් තුළ රෝපණය කිරීමෙන් රට බංකොලොත් වීමේ යථාර්ථය තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දැමීමට සිදු වන තත්වයක් මතුවී තිබෙනවා. 2024 වසර වන විට ලංකා ගමනාගමන මණ්ඩලය ද ලාභ නොලැබුවහොත් එයද පෞද්ගලිකකරණය කිරීමේ අවදානමක් තිබෙනවා. මේ වන විට මතුව තිබෙන තත්ත්වය මත මුදල් හිඟ වුවත් මුද්‍රණය කිරීමට නීතිමය බලයක් නෑ. ඒ නිසා පැරණි පුරුදු ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. නව සභාපතිවරයා පත්වනවිට ලංගම ඩිපෝ තිස් නවයක් වැටුප් ගෙවා ගැනීමට හෝ නොහැකි තත්වයට පත්ව තිබුණා. ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළ හමුවේ මේ වන විට එම ප්‍රමාණය ඩිපෝ නවයක් දක්වා අවම කර තිබෙනවා.
ආයතනයේ පැවැති වංචා දූෂණ පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා බස්නාහිර පළාත භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අධ්‍යක්ෂවරයා පසුගිය සතියේ පත් කරනු ලැබුවා.
සෑම අවස්ථාවකම ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය ලබාගන්නේ රටේ සුවහසක් පොදු ජනතාවයි. රටේ අනාගත පරපුර වන පාසල් සිසුන්. ඒ නිසා මේ ගෞරවාන්විත වගකීම සුරක්ෂිතව ඉටුකිරීම සියලු දෙනා වෙත පැවරෙනවා. එළැඹෙන වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිජිටල් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා. අනාගත දියුණු ගමනාගමන මණ්ඩලය ඒ තැනට රැගෙන යන්න නවක පත්වීම් ලබන සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතුයැයිද ඇමැතිවරයා පැවසීය.Óලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස්, ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, පත්වීම්ලාභීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
නවක සේවකයන්ට පත්වීම් ප්‍රදානය කළ උත්වසයේදී ඇමැතිවරයා සභාව ඇමතූ අයුරු