Friday, May 9, 2025
Home » දිඹුලාගල සෙල්ලිපියේ අරුත් කියන්න ටික දිනක් ගත වේවි

දිඹුලාගල සෙල්ලිපියේ අරුත් කියන්න ටික දිනක් ගත වේවි

පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ

by gayan
November 30, 2023 1:00 am 0 comment

සිරිපුර - මදුශානි අබේසිංහ

දිඹුලාගල සෙල්ලිපිය පිළිබඳ විවිධ සමාජ මාධ්‍ය මඟින් සහ යූටියුබ් ඔස්සේ විවිධ වැරදි ප්‍රචාර සිදු වන බවත්, මේ වන විට පිටපත් කිරීම් අවසන් කර ඇති එහි කියවීමේ කටයුතු කොළඹ අභිලේඛන අංශය මඟින් සිදු කරන අතර, එය නිම වීමට තව ස්වල්ප කාලයක් ගත වනු ඇත බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.ජී. රත්නපාල මහතා සඳහන් කළේය. දිගින් අඩි 50කින් සහ උසින් 9කින් යුත් මේ සෙල්ලිපිය පිටපත් කිරීමට තනි කඩදාසියක් නැති බැවින් කඩදාසි කිහිපයක් අලවා පිටපත් කළ බවත්, ඒවා නැවත එකිනෙකට පිළිවෙළකට අලවමින් කියවීමට සිදු වන නිසා කොළඹ අභිලේඛන අංශයට තව සතියක් දෙකක් ඒ සඳහා ගත වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT