Home » ලියෝ ජෝසප් කාදිනල් කාඩයින් පියාණන්ගේ 72 වැනි සංවත්සරයෙන්…

ලියෝ ජෝසප් කාදිනල් කාඩයින් පියාණන්ගේ 72 වැනි සංවත්සරයෙන්…

by gayan
November 30, 2023 12:58 pm 0 comment

තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ හදවත බඳු බැලීම, විග්‍රහය, ක්‍රියාව මත පදනම් වූ ක්‍රමවේදය ලොවට හඳුන්වාදුන් අති උතුම් ලියෝ ජෝසප් කාදිනල් කාඩයින් පියාණන් සමරන 72 වැනි සංවත්සරය පසුගිය නොවැම්බර් මස 25 වැනි දින කොළඹ සා. ජෝසප් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

කොළඹ අගරදගුරු පදවියේ තරුණ කතෝලික සිසු දරුවන් උදෙසා සංවිධාන කෙරුණු චිත්‍ර, ඩිජිටල් චිත්‍ර, ඡායාරූප, කෙටි චිත්‍රපට තරගාවලියට ඉදිරිපත් වූ නිර්මාණ ප්‍රදර්ශනය හා එහි ජයග්‍රහකයන් හට සහතික සම්මාන ප්‍රදානය සවස්වරුවේ දී පැවැත්වුණු අතර, එයට සමගාමීව උදෑසන, ඡායාරූප හා කෙටි චිත්‍රපට වැඩමුළුවක් එම සිසුන් සඳහා සංවිධාන කෙරිණි. වේදිකා, ටෙලිනාට්‍ය හා සිනමා ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු මහතා, පූජක පැවිදි පිරිස ඇතුළු සම්භාව්‍ය අමුත්තන් පිරිවරා ගත් එම උලෙළේදී,

චිත්‍ර අංශය කනිෂ්ඨ අංශය 1 වැනි ස්ථානය- එලීසා බෙලිකැටිමුල්ල (සා. බ්‍රිජට් කන්‍යාරාමය) 2 වැනි ස්ථානය- නෙතුකි ද සිල්වා (ශු. පවුලේ කන්‍යාරාමය) 3 වැනි ස්ථානය- ශෙවාන් ප්‍රනාන්දු (විල්ලෝරවත්ත) ජ්‍යෙෂ්ඨ අංශය 1 වැනි ස්ථානය- ලවන්‍යා ප්‍රනාන්දු (උයන) 2 වැනි ස්ථානය- දුලන්‍යා දෙව්ගමගේ (ශු. පවුලේ කන්‍යාරාමය) 3 වැනි ස්ථානය- හර්ශ ප්‍රභාශ් (බෝපිටිය)

ඡායාරූප අංශය කනිෂ්ඨ අංශය 1 වැනි ස්ථානය- මයෝන් මින්තක (දලුපොත) 2 වැනි ස්ථානය- දනුජ ජයවර්ධන (ගොතටුව) 3 වැනි ස්ථානය- මයෝන් මින්තක (දලුපොත) ජ්‍යෙෂ්ඨ අංශය 1 වැනි ස්ථානය- අනුහශ්නී ෆර්නී (විජයග්‍රාහණයේ අප ස්වාමිදුව කන්‍යාරාමය) 2 වැනි ස්ථානය- ශේෂාන් ඩිලීෂ (සා. බෙනදික්ත විද්‍යාලය) 3 වැනි ස්ථානය- ශෙනෙල් රුක්ශාන් ෆොන්සේකා (කෝට්ටේ) යන අය ද,

කෙටි චිත්‍රපට අංශය හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂණය, පිටපත, කැමරාකරණය, සංස්කරණය, ශබ්ද පරිපාලනය සඳහා වැල්ලවත්ත සා. ලෝරන්ස් කන්‍යාරාමයේ බීනූ අසල්‍යා සිරිකුමාර සිසුවිය සම්මාන දිනාගත් අතර, හොඳම නළුවා- ටෙරාන් ප්‍රනාන්දු (උයන) හොඳම නිළිය- ආකර්ශා සමරතුංග (හපුගොඩ) හොඳම සහාය නළුවා- අමීෂ ප්‍රනාන්දු (සා. සෙබස්තියන් විද්‍යාලය) හොඳම සහාය නිළිය- ජිනානි ප්‍රනාන්දු (උයන) ඇතුළු පිරිසක් මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT