1.1K
යුද්ධ හමුදා විද්‍යාපිඨයේ කෙටි කාලීන පාඨමාලා අංක 7 හා 8 හි අභිමානවත් 30 වන සංවත්සරය වෙනුවෙන් එම පාඨමාලාවන් හි නිලධාරින්ගේ සහභාගිත්වයෙන් උත්සව කිහිපයක් සංවිධාන කර තිබුණි.
2023 නොවැම්බර් මස 25 දිනට යෙදී තිබුණු සංවත්සරය වෙනුනේ යුධ සමයේ රට දැය ආරක්ෂා කිරිම වෙනුවෙන් තම ජිව දානය ලබාදුන් එම පාඨමාලාවන්හි තම සහෝදර රණවිරුවන් සිහිකර ඔවුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීම දියතලාව විද්‍යාපිඨයේ යුද්ධ හමුදා ස්මාරකය අභියසදී පැවැත්වුණි.
රුදුරු ත්‍රස්ථවාදින්ගෙන් රට මුදවා ගැනීමේදී මෙම පාඨමාලාවන් හි විරෝධාර රණවිරුවන් විශාල කාර්යභාරයක් සිදුකළේය. එහිදි නිලධාරින් 19 දෙනෙකු මතෘභුමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම ජිවිතය කැප කරන ලදී.