Home » මීගලෑවේ සිසුවියන් දෙදෙනෙකුගෙන් උතුම් මනුසත් ක්‍රියාවක්

මීගලෑවේ සිසුවියන් දෙදෙනෙකුගෙන් උතුම් මනුසත් ක්‍රියාවක්

by chanaka
November 30, 2023 4:50 pm 0 comment

මීගලෑව මහවැලි ජාතික පාසැලේ සිසුවියන් දෙදෙනෙකුට මීගලෑව නගරයේ මාර්ගයක වැටී තිබියදී හමුවූ රුපියල් ලක්ෂ පහකට අධික රන් භාණ්ඩ හා මුදල් පසුම්බියක් පසුගිය නොවැම්බර් 24 වැනිදා හමුවී ඇති අතර සැබෑ හිමිකරුවන් සොයා භාරදීමට ඔවුන් එය මීගලෑව පොලීසියට භාරදී ඇත.

මීගලෑව මහවැලි ජාතික පාසැලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිසුරි යුවනිකා ධර්මපාල සහ සඳුනි නිමල්කා ජයසූරිය යන සිසුවියන් දෙදෙනාට හමු වි ඇති මෙම රන් භාණ්ඩ සහ මුදල් පසුම්බිය මීගලෑව පොලීසිය වෙත භාරදීමෙන් අනතුරුව හිමිකරුවන් සොයා ඔවුන්වෙත එම මුදල් සහ රන්ආභරණ පාර්සලය භාරදීමට මීගලෑව පොලීසිය කටයුතු කර ඇත.

සමාජ සාරධර්ම වියැකී යන සමාජයක මෙවන් ක්‍රියාවක් කිරීමට පෙළඹුණු මීගලෑව මහවැලි ජාතික පාසැලේ සිසුවියන් දෙදෙනාගේ මෙම කටයුත්ත සම්බන්ධයෙන් මීගලෑව පොලීසිය විසින් ඔවුන්ට ස්තූති කරමින් පාසැලේ විදුහල්පතිතුමිය වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇති අදාළ සිසුවන් සිදුකළ සද්ක්‍රියාව අගය කරමින් ඔවුන් ඇගයීමට කටයුතු කරන බව මීගලෑව මහවැලි ජාතික පාසැලේ විදුහල්පති මංගලිකා වීරසේකර මහත්මිය අප සමඟ ප්‍රකාශ කළාය.

දිලංක ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT