Home » දුම්රිය සේවය ගැන ජනතාවට විශ්වාසයක් නැහැ

දුම්රිය සේවය ගැන ජනතාවට විශ්වාසයක් නැහැ

මන්ත්‍රී විජිත හේරත්

by gayan
November 30, 2023 1:00 am 0 comment

දුම්රිය සේවය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 14 වැනි දින විවාදයට ඊයේ (29) එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද පැවසීය.

දුම්රිය පද්ධතිය බිඳ වැටීමට බලපාන හේතු ගණනාවක් ඇති බවත් මෙම අර්බුද විසඳීම සිදුකළ යුතු බවත්ය.

අද ලංකාවේ ලොකුම ප්‍රශ්නය තමයි හැම දුම්රියක්ම ප්‍රමාද වීම. කිසිදු විශ්වාසයක් මේ ගැන නැහැ. මගීන් විශාල ප්‍රමාණයක් හැමදාම රස්තියාදු වෙනවා. කාර්යාලවලට එන්න ගෙදර යන්න පරක්කු වෙනවා. දෛනිකව කෝච්චි 390ක් විතර යන්න ඕනේ. අද යන්නේ කෝච්චි ගමන් වාර තුන්සීයක් පමණයි. මිනිස්සුන්ගෙ පැත්තෙන් බනින්නෙ වෛර බැඳ ගන්නේ දුම්රිය නිලධාරීන් සේවකයන් එක්ක. කෝච්චිය පරක්කු වුණාම ස්ටේෂන් මාස්ටර්ට ගහන්නත් පනිනවා. ඇත්ත හේතුව ඔබතුමන්ලා රටට කියලා හේතුවට උත්තර හොයා ගන්න. මේ දුම්රිය ප්‍රමාද වෙන්න ප්‍රධානම හේතුව පරිපාලන දුබලතාවය. දෙවැනි කාරණය උපකරණ, සේවක හිඟය. හය දාහක් පමණ පුහුණු තාක්ශණික සේවකයින්ගේ පුරප්පාඩුවක් තියෙන්නෙ. ගාඩ්ලා තාක්ෂණික නිලධාරීන් රියදුරන් අඩුයි .

දුම්රිය පරක්කු වීමට හේතුව තමයි පුහුණු තාක්ෂණික නිලධාරීන් උපාංග අවශ්‍ය පහසුකම් නොමැතිකම.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT