Home » අර්බුද රැසක් මැද මාර්ග සංවර්ධනයට ජනපති මුදල් වෙන් කළා

අර්බුද රැසක් මැද මාර්ග සංවර්ධනයට ජනපති මුදල් වෙන් කළා

රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්

by gayan
November 30, 2023 1:00 am 0 comment

රටතුළ අර්බුද රැසක් තිබියදිත් මාර්ග සංවර්ධනය සඳහා මෙවර අය වැයෙන් මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිය පිරිනමන බව මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

තවදුරටත් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.

එමෙන්ම දඹුල්ල අධිවේගි මාර්ගය ඉදිකිරීම සඳහාඳ මෙවර අය වැයෙන් මුදල් වෙන්කර තිබෙනවා.

අපි පසුගිය කාලයේ මහා මාර්ග ව්‍යාපෘති රැසක් ආරම්භ කළා. නමුත් රටේ ඇතිවූ ආර්ථික ප්‍රශ්න නිසා එම බොහෝ ව්‍යාපෘති ප්‍රමාණයක් නිම කිරීමට හැකි වුණේ නෑ. ග්‍රාමීය මාර්ග දශලක්ෂයේ ව්‍යාපෘති අයි රෝඩ් ව්‍යාපෘතිය වගේ ව්‍යාපෘති තමයි අපි ආරම්භ කළ මූලික ව්‍යාපෘති. නමුත් මීට අමතරව තවත් ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත් වනවා. අපට මෙම මාර්ග ව්‍යාපෘතිවලට මුදල් වෙන් කර ගන්නට බැරි වුණා. ඊට අමතරව මේ සඳහා අවශ්‍ය කොටස් විදෙස් රටවලින් මිලදී ගැනීමටත් මුදල් ප්‍රමාණවත් වුණේ නෑ.ඒ වගේම අදළ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමට හැකියාවකුත් තිබ්බේ නෑ. ගමේ ජනතාව අපෙන් ඉල්ලුවේ වැඩ අවසන් කරලා නැති ව්‍යාපෘතිවල වැඩ ඉවර කරන්නට මුදල් ලබා දෙන්න කියලායි. නමුත් මහාමාර්ග ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති ගණනාවකට වෙන් කළ ඉඩම් ලබා ගැනීම්වලට අදාළව අපිට එම මුදල් ගෙවීමට හැකි වුණා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT