Home » පිටරටකින් හෝ මුදල් ගෙන රුවන්පුර අධිවේගි මාර්ගය හදන්න

පිටරටකින් හෝ මුදල් ගෙන රුවන්පුර අධිවේගි මාර්ගය හදන්න

මන්ත්‍රී ඩබ්. ඩී. ජේ. සෙනවිරත්න

by gayan
November 30, 2023 1:00 am 0 comment

විදෙස් රටකින් හෝ මුදල් ලබාගෙන රුවන්පුර අධිවේගි මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම සිදුකරන ලෙස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ප්‍රකාශ කෙළේය.

ඒ මහතා මේ බව සඳහන් කෙළේ අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී .ජේ. සෙනවිරත්න මහතා මෙසේද පැවසීය.

රුවන්පුර අධිවේගී මාර්ගය යෝජනා කළේ 2013 එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ දිස්ත්‍රික් කමිටු සම්බන්ධීකරණයේදී මේක යෝජනා කළා. අපි ගමන් අපහසුව පෙන්වා දුන්නා. රත්නපුර කොළඹ දක්වා තියෙන මාර්ගය පළල් කර දෙන්න කියලා අපි කිව්වා. එතුමා ඇවිත් අදාළ නිලධාරීන් එක්ක කතා කරලා අපිට දැනුම් දුන්නා ඒකේ වංගු අඩු කරලා පාර පළල් කරනවට වඩා පහසුයි අධිවේගී මාර්ගය කන්ද හරහා දෙන්න බලාපොරොත්තු වෙන බව. අපි ඒකට කැමති වුණා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT