Tuesday, May 13, 2025
Home » ගම්පහ සුහුරු නගරයක් කරන්න මා කළ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්න

ගම්පහ සුහුරු නගරයක් කරන්න මා කළ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්න

මන්ත්‍රී නාලක ගොඩහේවා

by gayan
November 30, 2023 1:00 am 0 comment

රාජ්‍ය ඇමැතිවරයා ලෙස මා සිටි වකවානුවේදී ගම්පහ නගරය සුහුරු නගරයක් බවට පරිවර්තනය කිරීමට සැළසුම් කළද එය ක්‍රියාත්මක කරන්නට නොහැකි වූ බැවින් දැන් හෝ එම ව්‍යාපෘතිය ආරම්භ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ප්‍රකාශ කෙළේය.

මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ පිළිබඳ වැය ශීර්ෂයන්වලට අදාළ විවාදයට එක් වෙමින් නාලක ගොඩහේවා මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

මා රාජ්‍ය ඇමැතිවරයා ලෙස සිටිද්දී ගම්පහ නගරයට බලපාන ගංවතුර ප්‍රශ්නය විසඳන්න කටයුතු කළා. අපි ඒ කාලයේ බොහෝ වැඩ කටයුතු කරන්නට පටන් ගත්තා. නමුත් පැවති ව්‍යසනයන් හමුවේ ඒ කටයුතු කර ගන්නට බැරි වුණා. අපි ගම්පහ සුහුරු නගරයක් කරන්නට වැඩසටහනක් හැදුවා. නමුත් එයත් අසාර්ථක වුණා. නමුත් මම ඉල්ලනවා දැන් හෝ එම කටයුතු ආරම්භ කරන්නට කියලා. මුදල් අඩු වීමත් ඒක කළමණාකරණය කරගෙන හොඳ වැඩසටහනක් ආරම්භ කරන්නට පුළුවන් තත්වයක් නිර්මාණය කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT