පොලිස් වසම් රැසකින් රුපියල් ලක්ෂ පනහකට අධික යතුරුපැදි සොරා ගත් පුද්ගලයෙකු යතුරුපැදි හතක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 2130ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් මාස කිහිපය තුළ නුගේගොඩ, පාණදුර හා ගල්කිස්ස පොලිස් කොට්ඨාසවල මහමඟ සහ නිවාස ඉදිරිපිට නතර කර තිබූ යතුරුපැදි සොරා ගැනීම් අපරාධ ඉහළ යාම පිළිබඳ වහා සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතා වෙත ලබාදුන් උපදෙස් අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
සොරකම් මංකොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරු වැලිකඩ ප්‍රදේශයේ දී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල කොස්ගම, මොෙරාන්තුඩුව, වාද්දුව, ජා ඇළ, කොච්චිකඩේ සහ සීදූව පොලිස් බල ප්‍රදේශවලදී ඉකුත් කාලය පුරා සිදු කළ යතුරුපැදි හතක සොරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සැකකරුගෙන් තවදුරටත් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් එම යතුරුපැදි ඔරුගොඩවත්ත, කැලණිය හා නිකවැරටිය ආදී ප්‍රදේශවලට ඉතා අඩු මුදලට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතා පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.