ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ මාදම්පාගම වේනමුල්ල හන්දිය අසල ප්‍රදේශයේදී (29) දහවල් 2.00ට පමණ මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවක් මියගොස් ඇත.
ගාල්ල දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ගමන් කරමින් තිබූ අතර, ඒ වන විට එම කාන්තාව මාර්ගය හරහා ගමන් කරමින් සිට ඇත. වේගයෙන් පැමිණි මෝටර් රථය එම කාන්තාවගේ සිරුරේ ගැටී තිබු අතර, ඇය එම ස්ථානයේදීම මියගොස් ඇත. ඇයගේ සිරුර බලපිටිය මූලික රෝහලට ගෙනගිය අතර, මෝටර් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අනතුර නිසා මෝටර් රථයට ද දැඩි හානි සිදුවී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වේනමුල්ල ප්‍රදේශයේ පොල්තෙල් මෝලක් පවත්වාගෙන යන වයස අවුරුදු පනහක් පමණ වයසැති කාන්තාවකි. අම්බලන්ගොඩ පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.