පෑලියගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවී තිබෙන බවත් ඔවුන් තියුණු ආයුධ අතැතිව කලහකාරීව හැසිරෙන බවටත් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට නිර්ණාමික දුරකතන ඇමතුමක් මඟින් ලද තොරතුරක් මත එම ඒකකයේ නිලධාරීන් 28 වනදා සවස සිද්ධිය වූ ස්ථානයේ සිදු කළ වැටලීමකින් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි 9 ගෙන්යුත් කණ්ඩායමක් සමඟ කඩු හතරක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් කණ්ඩායම පෑලියගොඩ කැලණිය ඇතුළු තදාසන්න නගරවල මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිට ඇති අතර, දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු විසින් ලංකාවට එවන මත්කුඩු මෙම කණ්ඩායමේ පිරිස විසින් පෑලියගොඩ, කැලණිය, වත්තල, ජාඇළ වැනි අවට නගරවලදී අලෙවි කර ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබේ.
නිරන්තරයෙන් කලහකාරී ලෙස මෙම පුද්ගලයන් ගැටුම් ඇති කර ගන්නා පිරිසක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇයි පොලිසිය සඳහන් කරයි.
විදේශගතව සිටිමින් ශක්ති නමැති පුද්ගලයා විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක, උප පොලිස් පරීක්ෂකවරුන් වන චතුරංග, බණ්ඩාර පොලිස් සැරයන්වරුන් වන (57241) උපුල්, (73011) සමන්, කොස්තාපල්වරුන් වන (98252) දිල්ශාන්, (11509) චතුරංග, (1117) මධුමාල්, (88139) ලසන්ත, (51237) බණ්ඩාර මහත්වරුන් පරීක්ෂණ පවත්වති.