දරුවන්ගෙන් 50% කට මව හෝ පියා හෝ දෙදෙනාම අහිමි හෝ රැකවරණය නැති දරුවන් සිටින දුෂ්කර පාසලක දරුවන්ට පහසුකම් ලබා දීමට ලක්ෂ හතළිහක් වැය කරන්න විදේශිකයකු කටයුතු කර තිබේ. බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි දරුවන් 217ක් අධ්‍යාපනයය ලබන දුෂ්කර පාසලක් වන පතිරාජ පෙදෙස මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගෙන් 50% ක් මව හෝ පියා අහිමි එසේත් නැත්නම් දෙදෙනාම අහිමි හෝ රැකවරණය නොලබන දාරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන් අකුරු කරන පාසැලක් බව විද්‍යාලයීය ආරංචි මාර්ග පවසයි. එමෙන්ම එම විදුහලේ ගොඩනැගිලි දෙකම අබලන් වී ඇති අතර දරුවන්ට ඩෙස් පුටු හිඟයක් ද පවතින බව මව්පියෝ පවසති. මෙම තත්වය වාර්තා වීමෙන් පසු බලපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනට සමගාමීව ලක්ෂ 40 ක් වැයකර අබලන් වී ඇති ප්‍රධාන ගොඩනැගිලි පිළිසකර කර වෙනත් අඩුපාඩු සම්පූර්ණ කර දීමට විදේශීය ජාතිකයකු එකඟ කරවා ගෙන මේ වන විටත් පිළිසකර වැඩ ආරම්භ කර ඇති බව විදුහල්පතිවරයා පවසයි. මේ සම්බන්ධයෙන් විමසූ විට බලපිටිය ප්‍රාදේශීය ලේකම් මාලක ජයසිංහ මහතා මෙසේ පැවසීය. “පතිරාජ විදුහල බලපිටියේ තිබෙන අඩු පහසුකම් ඇති විදුහලක් කිව්වොත් නිවැරදියි. මේ ගැන කාර්යාලයේ සමෘද්ධි අංශය මඟින් මා දැනුවත් කළා. ඒ අනුව ජර්මන් ජාතිකයකු වූ නෝබට් ක්ලොපර් මහතාගේ අවධානය මේ විදුහල සම්බන්ධයෙන් යොමු කරවා ගැනීමට හැකි වුණා. එතුමා මේ පිළිබඳ සොයා බලා ගොඩනැගිලි නවීකරණය කර දෙන්න කටයුතු කළා. ගොඩනැගිලිවල වහල සම්පූර්ණයෙන්ම සකසා වටේට යකඩ දැල් ආවරණය කර පුටු හා උපකරණ ලබා දීමට රු.ලක්ෂ 40 ක් වැය කිරීමට එතුමා පොරොන්දු වුණා. මේ වන විටත් මෙහි වැඩ ආරම්භ කර තිබෙනවා.
254