අමරපුර චූලගණ්ඨි මහා නිකායේ ජේෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති වැලිතර අමරනන්ද අනුනාහිමියන්ගේ 65 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේ විසින් කරන ලද සමාජ සත්කාර වලින් බිඳක් ඇතුළත් කොට ප්‍රවීණ මාධ්‍යවේදී අනුර යසමිත් මහතා විසින් ලියන ලද ‘අමරනද සේවා දීපනී’ නැමැති ග්‍රන්ථය එළිදැක්වීම අහුන්ගල්ල මරදාන පුලිනතලාරාම විහාරස්ථානයේ දී පසුගියදා (25) සිදු විය. එහිදී ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළ බළපිටිය උතුර ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති වෛද්යාචාර්ය ලීලාගම අමරකිත්ති හිමියන් සමඟ අනුර යසමිත් මහතා විසින් අමරපුර චූලගණ්ඨි නිකායේ මහනායක, අමරපුර මහා සංඝ සභාවේ සභාපති සාහිත්‍යශූරී ගංතුනේ අස්සජී මාහිමියන්ට මංගල පිටපත පිළිගැන් වූ අයුරු.
වැලිතර අමරනන්ද අනුනායක හිමියන්ගේ සමාජ සත්කාර අගයමින් පොතක් එළි දකී
by gayan
November 30, 2023 1:00 am
0 comment
ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්මදාස සිරිවර්ධන බලපිටිය සමූහ ප්‍රියශාන්ත ද සිල්වා
211