Friday, May 9, 2025
Home » රෙහාන් පීරිස්ගේ විශිෂ්ට ශතකයෙන් 15න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් ශූරතාව කොළඹ දකුණට

රෙහාන් පීරිස්ගේ විශිෂ්ට ශතකයෙන් 15න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් ශූරතාව කොළඹ දකුණට

by gayan
November 30, 2023 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර
ශූරතාව දිනාගත් කොළඹ දකුණ කණ්ඩායම

‍කොළඹ රාජකීය විදුහලේ රෙහාන් පිරීස් රැස් කළ විශිෂ්ට ශතකය හේතුවෙන් අන්තර් දිස්ත්‍රික් අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම ඊයේ සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රීමා අනුග්‍රහයෙන් සංවිධාන කළ මේ තරගාවලියේදී කොළඹ දකුණු ක්‍රීඩකයෝ අපරාජිතව කිරුළ දිනා ගැනීම කැපී පෙනිණි.

ශූරතාව දිනාගත් කොළඹ දකුණ කණ්ඩායම

ශූරතාව දිනාගත් කොළඹ දකුණ කණ්ඩායම

වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේ ඊයේ පැවති අවසන් තරගයේදී රාජකීය විදුහලේ තෙවිඳු වේවැල්වලගේ නායකත්වයෙන් තරග කළ කොළඹ දකුණ පිල හමුවේ වෙස්ලි විදුහලේ ලිතුම් සෙනුජ මෙහෙයවූ‍ කොළඹ උතුර කණ්ඩායම ලකුණු 86කින් පරාජයට පත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ දකුණ ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 256ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොළඹ උතුර කණ්ඩායමට ඕවර 47.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 170ක් පමණි.

පිළිතුරු ඉනිමේ පළමු ඕවරයෙන්ම කඩුල්ලක් බිඳ දමමින් තරගයේ පාලනය සියතට ගත් කොළඹ දකුණ පන්දු යවන්නෝ කොළඹ උතුරු පිලේ කිසිදු පිිතිකරු යුගලයකට සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට අවස්ථාවක් නොදුන්හ. පන්දු 113කින් ලකුණු 47ක් රැස් කළ සදීෂ සිල්වා ඉනිමේ වැඩිිම ලකුණු ලාභියා බවට පත් වූ අතර, ළහිරු ලක්මාල් ලකුණු 28ක් සහ යෙනුල දන්තනාරායන ලකුණුු 23ක් ඉනිමට එක් කළද කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවිණි. පන්දු යැවීමේදී ජනුල් දම්හිරු කඩුලු 2ක් දවාගත් අතර, සෙසු පන්දු යවන්නන් 5 දෙනා කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 11දී පළමු කඩුල්ල බිඳ වැටුණු ද කොළඹ දකුණු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් රෙහාන් පීරිස් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 217ක් දක්වා ඉදිරියට ගෙන ගොස් තිබිණි. ඔහු දෙවැනි කඩුල්ලට ලසිරු සඳකැන් සමඟ එක්ව ලකුණු 110ක සබඳතාවක් ගොඩනැඟූ අතර, ලසිරු ලකුණු 40කට දැවී යෑමෙන් අනතුරුව ජේසන් ප්‍රනාන්දු (19) සමඟ ලකුණු 96ක් එක් කිරීමට සමත් විය. ඔහු තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, ඒ වන විට රෙහාන් පන්දු 127කින් ලකුණු 129ක් රැස් කර තිබුණේ හතරේ පහර 5කින් සහ හයේ පහර 10කින් ඉනිම වර්ණවත් කර ගනිමිනි. පන්දු යැවීමේදී සෙනිත් නෙත්සර, දසිත් පෙරේරා සහ ළහිරු ලක්මාල් කඩුලු 2 බැගින් දවා ගත්හ.

කොළඹ දකුණ – 256/8 (ඕවර 50) රෙහාන් පීරිස් 129, ලසිරු සදකැන් 40 (සෙනිත් නෙත්සර 43/2, දසිත් පෙරේරා 53/2, ළහිරු ලක්මාල් 54/2)

කොළඹ උතුර – 170 (ඕවර 47.1) සදීෂ සිල්වා 47, ළහිරු ලක්මාල් 28, යෙනුල දන්තනාරායන 23 (ජනුල් දම්හිරු 42/2)

 

 

 

 

 

ශතකයක් වාර්තා කළ රෙහාන් පීරිස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT