218
දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනූ තෙනුර ලක්සෙන් පසුගියදා යළි ශ්‍රී ලංකාවට පැමිණියේය .
දකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේ දී කනිෂ්ඨ කිලෝග්‍රෑම් 75 ට වැඩි බර පංතිය යටතේ තරග කළ තෙනුර එහිදී දෙවැනි ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති කායවර්ධන ජාත්‍යන්තර සම්මේලන තරගාවලියේදී කනිෂ්ඨ විවෘත අංශයෙන් සහ ස්පෝර්ට්ස් කනිෂ්ඨ විවෘත අංශයෙන් රිදී පදක්කම් 2 ක්
සමඟ ක්ලැසික් කනිෂ්ඨ විවෘත අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.