Home » ජාත්‍යන්තර කායවර්ධන තරග බිමේදී තෙනුරට රිදී පදක්කම් 3ක්

ජාත්‍යන්තර කායවර්ධන තරග බිමේදී තෙනුරට රිදී පදක්කම් 3ක්

by gayan
November 30, 2023 1:00 am 0 comment

කටුනායක ටී.කේ.ජී.කපිල

දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනූ තෙනුර ලක්සෙන් පසුගියදා යළි ශ්‍රී ලංකාවට පැමිණියේය .

දකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේ දී කනිෂ්ඨ කිලෝග්‍රෑම් 75 ට වැඩි බර පංතිය යටතේ තරග කළ තෙනුර එහිදී දෙවැනි ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති කායවර්ධන ජාත්‍යන්තර සම්මේලන තරගාවලියේදී කනිෂ්ඨ විවෘත අංශයෙන් සහ ස්පෝර්ට්ස් කනිෂ්ඨ විවෘත අංශයෙන් රිදී පදක්කම් 2 ක්

සමඟ ක්ලැසික් කනිෂ්ඨ විවෘත අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT