Sunday, May 11, 2025
Home » ඩීසල් රු. 27කින් පෙට්ට්‍රල් රු. 10කින් මිල පහළ බසී

ඩීසල් රු. 27කින් පෙට්ට්‍රල් රු. 10කින් මිල පහළ බසී

by mahesh
December 1, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව නව මිල දර්ශනය මෙසේය.

ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 356ක් ව පැවැති අතර එහි මිල රුපියල් දහයකින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 346කි.

ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 423ක්ව පැවැති අතර එහි මිල රුපියල් තුනකින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 426කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 356ක්ව පැවැති අතර එහි මිල රුපියල් 27කින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 329කි.

ලංකා සුපිරි ඩීසල් රුපියල් 431ක්ව පැවැති අතර එහි මිල රුපියල් තුනකින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 434කි. ලංකා භූමිතෙල් මිල රුපියල් 249ක්ව පැවැති අතර එහි මිල රුපියල් දෙකකින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 247කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT