157
දියවැඩියා මාසය වෙනුවෙන් සිදු කරනු ලැබූ සමාජ සත්කාර වැඩසටහන්වලට සමගාමිව “දියවැඩියාව පරදමු ශරීර බර පාලනය කරමුÓ මැයෙන් යක්කල නාගරික සිංහ සමාජයේ පූර්ණ මැදිහත්වීමෙන් හා සංවිධායකත්වයෙන් පසුගියදා (25) නිට්ටඹුව අත්තනගල්ල ප්‍රාදේශීය සභා ශාලාවේදී ඉලක්කගත පිරිසක් වෙනුවෙන් වැඩසටහනක් පැවැත්විණි.
වන්නකු මෙතර්ඩ් නිර්මාතෘ වෛද්‍ය ජානක වන්නකු මහතා මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ අතර එම වැඩසටහනේ අවස්ථාවකි මේ. යක්කල නාගරික සිංහ සාමාජයේ සභාපති, ප්‍රාදේශීය සභාපති, කලාපීය සභාපති සහ අනිකුත් සිංහ සමාජයේ නිලධාරින් ද රජයේ නිලධාරින් සහ දේශනයට පැමිණි 250කට ආසන්න පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.