මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිය කැමැත්තෙන් හෝ ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්ත පරිදි පොලිසි හා රෝහල් මාර්ගයෙන් පුනරුත්ථාපනයට යොමු වීමට අවශ්‍ය නීති සකස් කරන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. පොලොන්නරුව කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීම සඳහා සංචාරයක පසුගියදා (28) නිරත වූ අවස්ථාවේදී ඔහු මේ අදහස් පළ කෙරිණි.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 520 දෙනකු පුනරුත්ථාපනය වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාව වන 232 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් යොමු කර තිබෙන බවද මෙහිදී අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව ඇති අයට හා ඔවුන්ගේ ඥාතීන්ට පුනරුත්ථාපන වැඩපිළිවෙළ පිළිබඳ නිසි අවබෝධයක් නැති නිසා ඔවුන් මේ සඳහා යොමු නොවන බවයි. එබැවින් රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු ලවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට මේ වන විට යොමු කරවන්නේ අධිකරණයෙන් පමණක් වන අතර, මතට ඇබ්බැහි වූවන්ගේ හෝ ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්ත පරිදි පොලිසි හා රෝහල් මාර්ගයෙන් පුනරුත්ථාපනයට යොමු වීමට අවශ්‍ය නීති සකස් කරන බවත් ඔහු කීවේය. පුනරුත්ථාපන ක්‍රියාවලියට මතට ඇබ්බැහි වූවන් වැඩි පිරිසක් යොමු කරවීමෙන් බන්ධනාගාරවල පවතින තදබදය අඩු කරගත හැකි බවද ඇමැතිවරයා මෙහිදී කීවේය.
මේ අතර අධිකරණ ඇමැතිවරයා පොලොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණයකටද එක් විය. මහාචාර්ය පාතේගම ඤාණිස්සර නාහිමි සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහත්වරුද මේ අවස්ථාලට එක්ව සිටියහ.