විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දියාවේ ආර්ථික සමෘද්ධියේ නිර්මාණ ශිල්පියා වන මොන්ටෙක් සිං මහතා අතර සමෘද්ධියේ කීර්තිමත් නායකත්වය සහ ආර්ථික කුසලතාව යන අංශ ආශ්‍රිත ක්‍රමෝපායික සංකලනයකට නිදසුන් දක්වන්නාක් බඳු හමුවක් සිදුවිය.
මේ පෞද්ගලික හමුව හුදෙක් සංවාදයක් පමණක් නොවූ අතර ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගැනීමේ මාවත සැලසුම් කළ දූරදර්ශී චින්තනයන් එකිනෙක සම්බන්ධ වූ අවස්ථාවක් ද විය.
කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ දෙපළ විසින් බුද්ධිමය ගමන් මාර්ග අනුනාද කරවමින් සිය ආමන්ත්‍රණයන් පක්ෂය හා සම්බන්ධිත මෙන්ම විචක්ෂණ බුද්ධිමතුන් ද ඇතුළත් සෙසු කණ්ඩායම් කරා ද විහිදුවිය.
ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරී සංසදයේ ගෞරවනීය සාමාජිකයන්ගේ සහභාගීත්වය මේ ප්‍රබල හමුව තවදුරටත් පෝෂණය කිරීමට හේතු විය.