මෙරට ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ සැපයීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම කාර්යයක් බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. කොළඹ රාජ්‍ය ඔසුසල් පරිශ්‍රයේ ඖෂධ තත්ත්ව රසායනාගාරය නවීකරණය කර විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පෙරේදා (29) ප්‍රකාශ කළේය.
මේ තත්ත්ව රසායනාගාරයෙන් මසකට ඖෂධ වර්ග පරීක්ෂාවන් 70කට අධික ප්‍රමාණයක් සිදු කරන බවත්, ඒ සංඛ්‍යාව වාර්ෂිකව 1000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඇමැතිවරයා කීය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රසායනාගාරය මඟින් සංස්ථාවේ ඖෂධ අදියර 4ක් යටතේ පරීක්ෂාවට ලක් කරන බවත් ටෙන්ඩර් නියැදි පරීක්ෂාව, නැව්ගත කිරීමට පෙර ගත් නියැදි පරීක්ෂාව, බෙදාහැරීමට පෙර නියැදි පරීක්ෂාව, මහජනතාව වෙත බෙදා හැරීමෙන් පසු වෙළෙඳපොළ පැමිණිලි මත නියැදි පරීක්ෂාව ලෙස අදියර 4ක් යටතේ පරීක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.
මේ අවස්ථාවට වැ/බ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, නි/ අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක, කළමනාකාර අධ්‍යක්ෂ එම්.වයි.කේ. විල්ෆ්‍රඩ් මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.