Sunday, May 11, 2025
Home » වවුචර්වලට පොහොර නොගත් ගොවීන්ට මහ කන්නයට යූරියා

වවුචර්වලට පොහොර නොගත් ගොවීන්ට මහ කන්නයට යූරියා

by mahesh
December 1, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

පසුගිය යල කන්නයේ යුරියා පොහොර ලබා ගැනීම සඳහා නිකුත් කළ වවුචර්පත්වලට අදාල පොහොර ලබා නොගත් ගොවීන් දෙසැම්බර් මස 15ට පෙර එම පොහොර ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

යල කන්නයේ දි යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින්ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කළ අතර වවුචර්පත් ලබා ගත්ත ද යම් ගොවීන් පිරිසක් ඒවාට අදාල යුරියා පොහොර මිල දී ගෙන නොමැතී බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ පිළිබඳව අවධානය යොමු කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ,වවුචර්පත්වලට යුරියා පොහොර ලබා නොගත් ගොවීන්ට එම වවුචර්පත් මෙවර මහ කන්නය සඳහාත් භාවිතා කීරීමට අවසර දීමට පියවර ගන්නා ලෙස නිලධාරින්ට දැනුම් දුන්නේය.

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යුරියා පොහොර නිකුත් කරනු ලබන අතර එම වවුචර්පත්වලට අදාල යුරියා පොහොර ගොවි ජනසේවා මධ්‍යස්ථාන මගින් දෙසැම්බර් මස 15ට පෙර ලබා ගත යුතුවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT