Home » සූර්ය පැනලවලින් මේ වසරේ විදුලි ඒකක මිලියන 483ක් ජාතික පද්ධතියට

සූර්ය පැනලවලින් මේ වසරේ විදුලි ඒකක මිලියන 483ක් ජාතික පද්ධතියට

by mahesh
December 1, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter 3) විදුලි ඒකක මිලියන 483ක් (483 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව, රට පුරා විසිරී සිටින ලංවීම පාරිභෝගික භවතුන් විසින් මෙම සුවිශේෂී ජාතික කාර්ය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දී ඇත. මෙහිදී සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැර ව නවතාක්ෂණික අත්දැකීමක් ලබාගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයින් යොමුවී තිබේ.

මෙහි දී විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් ලබාදෙමින් හැකි උපරිම ආකාරයෙන් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන, වි‌ශේෂයෙන් බෙදාහැරීම් අංශවල ලංවීම කාර්ය මණ්ඩල‌යේ මෙහෙවර ද අගය කළ යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT