243
වැලිසර, මීගොඩ, බෝකුන්දර ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක දෙහි කිලෝවක මිල රුපියල් 2000ත් – 3000ත් අතර පැවැතිය ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක් ඊයේ (30) රුපියල් 750කට අලෙවි කෙරිණි.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේද ඊයේ (30) දෙහි කිලෝවක් රුපියල් 1200කට අලෙවි කර තිබිණි.
මේ අතර සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ඊයේ (30) ඉහළ ගොස් තිබූ අතර දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවකටත් වඩා වැඩි ප්‍රමාණයක් සපයන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මධ්‍යස්ථ මට්ටමක පැවැතිණි. පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ද එළවළු මිල ගණන් මධ්‍යස්ථව පැවතිණි.