Home » සෞඛ්‍ය ඇමැතිකම එදා දුන්නේ මාව නැත්තටම නැති කරන්නයි

සෞඛ්‍ය ඇමැතිකම එදා දුන්නේ මාව නැත්තටම නැති කරන්නයි

by mahesh
December 1, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

සෞඛ්‍ය අමාත්‍ය ධුරයට 2010 වසරේදී තමාව පත් කළේ දේශපාලන වශයෙන් නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවසීය.

තමාව නැත්තටම නැති කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස එවකට පත් කළ ද අවසානයේ නතර වූයේ ජනාධිපතිවරයා වීමෙන් බවත් ඒ බව නව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මතක් කර සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවැති විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

සෞඛ්‍ය ඇමැති වූ නිසා තමයි රටේ ජනාධිපති වුණේ. ඒ බව නව සෞඛ්‍ය ඇමැතිවරයාට මතක් කරන්න ඕනෑ. වංචා දූෂණ ගැන කතා කරන විට වෛද්‍ය සැපයීම් අංශය, ඖෂධ සංස්ථාව වගේ තැන්වලින් ඖෂධ ගන්නා විට ටෙන්ඩර් විශාල සංඛ්‍යාවක් කැඳවනවා. ටෙන්ඩර් ක්‍රමය මේ රටේ සම්පූර්ණයෙන්ම දූෂිතයි. ලෝකයේ ඕනෑම රටකට ගියාම ඒ රටවල මෙරට සෞඛ්‍ය සේවාව ගැන පිළි ගැනීමක් තිබෙනවා. ඒ තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගත යුතු යැයිද කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT