Saturday, May 3, 2025
Home » ඉන්දියාවෙන් වතුකරයට නිවාස 10,000ක්

ඉන්දියාවෙන් වතුකරයට නිවාස 10,000ක්

by mahesh
December 1, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

අඩු ආදායම්ලාභී ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා සහාය ලබා දෙමින් මෙරට ක්‍රියාත්මක ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ නිවාස 10,000ක් ඉදි කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ වතුකර ප්‍රදේශවල නිවාස 10,000ක් ඉදි කිරීම සඳහා පියවර ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වන ගිවිසුම් දෙකට අත්සන් තැබූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නියෝජිතායතන දෙක වන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සමඟ වෙන වෙනම මෙම ගිවිසුම් සඳහා අත්සන් තබා තිබෙන අතර නිවාස 10,000 ඉදි කිරීම ඇරඹීම කඩිනම් කිරීම එහි අරමුණ බව ද එම මහකොමසාරිස් කාර්යාලය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT