Home » ශ්‍රී ලංකාවේ දිළිඳුකම 4.5% දක්වා පහත දැමීම ප්‍රගතිශීලී ජයග්‍රහණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳුකම 4.5% දක්වා පහත දැමීම ප්‍රගතිශීලී ජයග්‍රහණයක්

හිටපු මහ බැංකු අධිපති, ආචාර්ය කුමාරස්වාමි

by mahesh
December 1, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

මෑත කාලයේ රට හමුවේ පැවැති අභියෝග පසෙකලා ශ්‍රී ලංකාවේ දිළිඳුකම සියයට 4.5ක් දක්වා පහතට ගෙන ඒමට හැකි වීම ප්‍රගතිශීලී ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි.

සාර්ව ආර්ථික ආතතියට ප්‍රධාන හේතුව වූයේ රජයේ අය වැය මෙහෙයුම් බව ද ඒ මහතා පෙන්වා දෙයි. ආර්ථික අර්බුදය හමුවේ දිළිඳුකම පිටුදැකීමේ උපායමාර්ග සම්බන්ධයෙන් සොයා බලන ‘ආර්ථික අර්බුදය සහිත කාල සමයක දිළිඳුකම පිටුදැකීම’ යන්න තේමා කර ගනිමින් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (29) ආරම්භ වූ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Centre of Poverty Analysis) මඟින් මෙය සංවිධාන කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට 16 වතාවක් ගියා කියන්නේ අපි දිගුකලක සිට අර්බුදයකයි ඉඳල තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ දිළිඳුකම සියයට 4.5 දක්වා පහතට ගෙන ඒමට හැකි වීම ප්‍රගතිශීලී ජයග්‍රහණයක් වෙනවා. ජනතාව අද මුහුණදෙන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ක්‍රම හා විධි සෙවීම පමණක් නොවෙයි අප කළ යුත්තේ. ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් ඉහළට ඔසවා තැබීමයි කළ යුත්තේ. එය තමයි අභියෝගය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගිය වැඩසටහන් සියල්ලටම අපි යොමු කළේ නැවත නැවතත් චක්‍රයක් වගේ සිදුවන සාර්ව ආර්ථික ආතතිය බවයි මම දකින්නේ. රජයේ අය වැය මෙහෙයුම් තමයි මෙම සාර්ව ආර්ථික ආතතියට ප්‍රධාන හේතුව වුණේ. ඇයි අපේ මූල්‍ය ප්‍රතිඵල කළමනාකරණය කර ගන්න මෙතරම් අසීරු. මම හිතන්නේ ඒ සඳහා අපි සියලු දෙනාම දොස් ඇසිය යුතු වෙනවා. අපි දේශපාලනඥයන්ට බණිනවා. මම හිතන්නේ ඔවුන් බැණුම් ඇසීම සාධාරණයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT