Home » වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න

වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න

by mahesh
December 1, 2023 1:00 am 0 comment

වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ කෙළේය.

වඩිවේල් සුරේෂ් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

වතු ආශ්‍රිත යටිතල පහසුකම් අවම මට්ටමක පවතිනවා. ඒවා වැඩි දියුණු කිරීමට පියවර ගත යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික ප්‍රතිපත්තියට කියලා ලොකු මුදලක් වෙන් කළාට උඩරට වැවිලි ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ජීවිත කැප කරනවා මේ රටේ ආර්ථිකය වෙනුවෙන්. මම ඒ නිසා ඉල්ලා සිටිනවා මේ වගේ යටිතල පහසුකම් ඉතාම අඩු මට්ටමෙන් තියෙන්නෙ. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. මම ඉල්ලනවා ගර්භිණී මවුවරුන් ඉන්නේ දැඩි අවදානම් තත්ත්වයක. මස්කෙළිය ඉඳලා අනෙකුත් රෝහල්වලට ගර්භිණී මවුවරුන් මෙන්ම රෝගීන් ගෙනියන්න විදිහක් නැහැ. වාහන පහසුකම් අතින් ඉතාම බංකොලොත් තත්ත්වයක තියෙන්නෙ. මේක සැලකිල්ලට ගන්න කියලා අලුත් සෞඛ්‍ය ඇමැතිගෙන් ඉල්ලනවා. මේ වතුකරයේ තියෙන රෝහල්වලටත් මුදල් වෙන් කරන්න. ඔවුන් මේ රටේ පුරවැසියන්. ඔවුනුත් මනුෂ්‍යයන්. ජාතික ප්‍රතිපත්තිය ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම ඒ ජනතාවත් මාත් අතර තියෙන සම්බන්ධය ඉතාමත් දැඩියි. අපි මේ සභාව නියෝජනය කරලා ජනතාව ගැන කතා කළාට අද ජනතාව දැඩි ලෙස පීඩනයක ඉන්නවා. ඒක අපිට දරාගන්න බැහැ. මස්කෙළිය පස්සර ඇතුළු රෝහල් වැඩිදියුණු කරන්න ඕනෑ. වැලිමඩ වැනි ප්‍රදේශවලට දමිළ භාෂාව කතා කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන් පත් කරන්න. දමිළ භාෂාව කතා කරන අය ඇයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට බඳවා නොගන්නේ? එසේ බඳවා ගන්න කියලා මම අවධාරණය කරනවා. විශේෂයෙන්ම කඳුකරය නියෝජනය කරන අයට මේ සම්බන්ධව වැඩි ප්‍රමුඛතාවයක් දිය යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT